"කොකේන් භාවිතා කරන්නේ කොයි මන්ත්‍රිවරියදැයි නම් කරන්න" - මන්ත්‍රිවරියක් රන්ජන්ට කියයි

කොකේන් භාවිත කරන මන්තී‍්‍රවරුන් අතර මන්තී‍්‍රවරියක් ද සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදු කළ ප‍්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරියන් අපහසුතාවකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා.

ඇය මේ බව කියා සිටියේ යටියන්තොට ප‍්‍රදේශයේ ඊයේ (02) පැවැති ජනහමුවකට එක්වෙමින්.
   මේ අතර කොකේන් භාවිත කරන මන්තී‍්‍රවරුන් පිළිබඳ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගියදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කරුණු දැක්වීමක් සිදු කර තිබෙනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ එම මන්තී‍්‍රවරුන් පිරිස අතර කිසිඳු එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයෙකු නොමැති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එහිදී සඳහන් කළ බවයි.