ඔක්තොම්බර් 26 මහින්ද අගමැති හා කැබිනට් ඇමතිවරුන්ට එරෙහි පෙත්සම රනිල් ඉල්ලා අස්කර ගනී

පසුගිය වසරේ ඔක්තොම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමෙන් පසු එම කැබිනට් මණ්ඩලය තනතුරුවල කටයුතු කිරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලද සිදුවීමේ පෙත්සම අද දිනයේ පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කර ගෙන ඇත. අද අබියාචනාධිකරණය හමුවේ අර්ජුන ඔබේසේකර විනිසුරු ඉදිරියේ කැදවූ අවස්ථාවේ පැමිණිල්ලේ නීතීඥයන් විසින් මේ බව දන්වා තිබේ.

මෙම පෙත්සම ගොනු කර තිබුනේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122ක් විසිනි.

මෙම පෙත්සම ගොනු කර තිබුනේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත්වීම හා ඇමති මණ්ඩලය පත්කිරීම් අභියෝගයට ලක් කරමිනි.