අයවැයට පෙර අගමැති රනිල් තිරුපති දෙවියන් යදී !

තිරුපති කෝවිල වන්දනා කිරීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දිය සංචාරයක නිරතව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අගමැතිවරයා සමගින් මෙම සංචාරය සදහා රජයේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටිති.

මෙම පිරිස චෙන්නායිහි සිට විශේෂ ගුවන් යානාවකින් තිරුපති බලා ගොස් ඇත.

අගමැතිවරයා මෑත කාලයේ අවස්ථා ගණනාවකදීම තිරුපති ආශිර්වාදය ලබා ගැනිම සදහා එහි ගියේය.

හෙට දිනයේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතරය සම්බන්දයෙන් අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

-lankacnews