දැල්පන්දු පුහුණුකාරිනියන් හිස්වේ : හරීන් වෙනඑකක් පස්සේ !

ලබන මාර්තු දෙවැනි සතියේදී සිංගප්පූරු දැල්පන්දු ඇකඩමි පිල මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබුණද එම කණ්ඩායම හා තරග වැදීමට කණ්ඩායමට පුහුණුකාරිනියක් මෙතෙක් පත්කර නැතැයි වාර්තා වේ. සිංගප්පූරු ඇකඩමි පිල සමඟ තරගවැදීමට ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු සංචිතය සහ සංවර්ධන සංචිතය යන සුසංයෝගයෙන් යුත් කණ්ඩායමක් සහභාගි කිරීමට මේවන දැල්පන්දු සම්මේලනය තීරණය කර ඇතැයි පැවසේ.



 දැල්පන්දු නිලවරණ පැවැත්වීමට කඩිමුඩියේ ලක ලෑස්තිවෙන ‍ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා තරගාවලි වෙනුවෙන් පුහුණුකාරීනියන් නම් කිරීම පැහැරහැරීම දැල්පන්දු ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.

ලබන මාර්තු 17, 18 සහ 19 යන දිනයන්හිදී සිංගප්පූරු දැල්පන්දු ඇකඩමි පිල සමඟ පනාපිටිය යුද හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු සංචිතය සහ සංවර්ධන සංචිතය යන සුසංයෝගයෙන් යුත් කණ්ඩායම තරග වැදීමට නියමිතය.

නිත්‍ය පුහුණුකාරිණියක් පත් කිරීමට අසමත් වීම හේතුවෙන් මෙවර පැවැත්විමට නියමිත ආසියානු දැල්පන්දු තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී රිද්මයකට රැගෙන ඒමේ අර්බුදයක් ද මේවන විට නිර්මාණය වී ඇතැයි මේ අතර වාර්තා වේ.