ජනපතිට විරුද්දව ‘කුඩු මුදලාලි සංගමය’ පෝස්ටර් ගසති.. කොළඹ පෝස්ටර යුද්දයක්

‘පොඩි මිනිසුන්ගේ පන්තිය’ යන සංවිධානාත්මක පිරිසක් විසින් ආසන්න දිනවලදී කොළඹ හා ආසන්න නගරයන්හි අලවා තිබූ ‘මෛත්‍රී හරි’ ලෙස සදහන් පෝස්ටර මත ‘කුඩු මුදලාලිලාගේ සංගමය’ ලෙස දැක්වෙන පෝසටර අලවා තිබින.

මෙම පිරිස මරණ දඩුවමට විරුද්ද බව හැගෙන ලෙස අලවා තිබූ එම පෝස්ටරටවල තොණ්ඩුවක් විශාල ලෙස මුද‍්‍රණය කර ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ ලෙසද සටහන් කර තිබින.

මේ හේතුව නිසා කොළඹ හා ආසන්න නගර වල පෝසටර යුද්දයක් වැනි තත්වයක් ඇතිව තිබෙන බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් මරණ දඬුවමට විරුද්ද ‘කුඩු මුදලාලිලාගේ සංගමය’ කවුරුන්දැයි පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්බ කර ඇත.