විපක්ෂයේ නුවර රැස්වීමට ජනපතිත් නෑ, ශ්‍රීලනිපයත් නෑ !

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරන ‘‘ඉවසුවා ඇති’’ ජනරැළි මාලාවේ පළමු රැළිය මහනුවර පොදු වෙළඳසැල ඉදිරිපිටදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (08) පැවරුවේ ආරම්භ වු අතර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොමැති බව වාර්තාවේ.


මෙම රැලියට සහභාගී නොවීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප සංවිධායක හමුවේදී තීරණය කර තිබීම ඊට හේතුවයි.

තමනට එම රැස්වීම ඇමතීමට උවමනා බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා තදින්ම කියා ඇතත් පක්‍ෂය විසින් ගන්නා ලද තීන්දුව අනුව කිසිවෙකුත් ඊට සහභාගී නොවන බව ජනාධිපතිවරයා සදහන් කර ඇතැයි 'ලංකා සි නිව්ස්' වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ ශ්‍රී ලනිපය පොහොට්ටුව ඇතුළු විපක්‍ෂයේ එජාප විරෝධී සියළු බලවේග එක් කර ගනිමින් සන්ධානයක් බිහිකල පසු ඒකාබද්ද ක්‍රියාමාර්ග සදහා විධිමත්ව ක්‍රියා කරන බවයි.

මෙම රැළියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ එක්ව සිටිති.