ජනාධිපතිගේ සෘජු නියෝජිතයන් ජිනීවා සමුළුවට.. ජනපතිගෙන් සමුළුවට තද පණිවුඩයක්

මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා තම නියෝජිතයන්ද සහභාගී කරවන බව ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඇමති සරත් අමුණුගම, ඇමති මහින්ද සමරසිංහ, උතුර ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් ඇතුළු පිරිසක් තම නියෝජිතයන් ලෙස ඊට සහභාගී කරවන බව ජනාධිපතිවරයා සදහන් කලේය.

අද ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

තම රටේ ප‍්‍රශ්න තම රට තුල විසදා ගැනීමට ඉඩ දෙන ලෙස ජිනීවාහිදී ඉල්ලා සිටීමට සූදානම් බවද ජනාධිපතිවරයා සදහන් කලේය.