පොල් වගාව ආරක්ෂා කරන්න වඳුරන් හා රිළවුන් මරා දැමිය යුතුයි - එස්.බි.දිසානායක

පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා වඳුරන් සහ රිළවුන් මරා දැමිමට අවශ්‍ය පියවර ගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි.දිසානායක ප්‍රකාශ කර සිටිනවා. මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

" පොල් නිෂ්පාදනයෙන් 40%ක් වඳුරන් සහ රිළවුන් විසින් විනාශ කරනවා. මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවස්ථා ගණනාවකදී කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කළා.
ඒ සෑම අවස්ථාවකදීම මම කිව්ව දේ තමයි ගම්වලට එන වඳුරන් සහ රිළවුන් මරා දමන්න ක්‍රමවේදයක් හදන්න කියලා. මේක තමයි ලෝකයේ කරන්නේ " මන්ත්‍රිවරයා කියා සිටියා.

තවම අපි රටට අවශ්‍ය කිරි නිෂ්පාදනයෙන් 60%ක් අපි විදේශ රටවලින් තමයි පිටි වලින් විදේශ රටවලින් ගෙනල්ලා තමයි රටේ අවශ්‍යතාවය සපුරන්නේ. මේ රටට කිරිපිටි ගෙන එක අධෛර්මත් කරන්න බදු ගහලා ඒ මුදල් කිරි ගොවියාට ලබා දීලා කිරි ගොවියා කිරි නිෂ්පාදනය ලාභදායි බවට පත් කළ යුතු යැයි මන්ත්‍රීවරය මෙහිදී ප්‍රකාශ කළා.

කිරි ලීටරයක් රු.18 ක මිලකට අළෙවි කරන්නේ. මම ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේදී කිරි ලීටරයක් රු.28ක් කිරීමට යාමේදී ඒකට අගමැතිවරයා දැඩි සේ විරුද්ධ වූ බවයි මන්ත්‍රීවරය වැඩිදුරටත් කියා සිටියේ.

ඊට අමතරව මස් පිණිස ගවයින් ඇති කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවට මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් කියා ඇත්තේ. කිරි හරක් කිරි වැරුවාට පස්සේ ඒ සත්තු විකිණීමට යාමේදී ගැටළු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මස් සතුන් සඳහා සතුන් ඇති කිරීමට අවශ්‍ය කටයුතු කිරීමෙන් මේ කර්මාන්තයේ තිබෙන ගැටළු විසදා ගැනීමට හැකිවෙන බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.