ශ‍්‍රී ලංකාව 5-0 තරගාවලියම පරාදයි.. ඩෙ‍්‍රසිං රූම් *** ටෝක් ඊයේ මහ හඬින් ඇසේ.. හතුරුසිංහ පැක් කරගෙන කොළඹ එයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ දිනයේ පැවති එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 41 කින් ජය ලබා ගත්තේ. දිවා රාත‍්‍රි තරගයක් ලෙස පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 225 පිළිතුරු ලෙස අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 28ක් තුළ ලකුණු 135ක් කඳුළු 02ක් පමණක් දැවී ලබා සිටියදී ආලෝක තත්ත්වයේ බාධා ඇතිවීම නිසා දක්වා ඩක්වත් සහ ලුවිස් ක්‍රමය අනුව දකුණු අප්‍රිකානුවන්ට ජය ලබා දීමට තරග තීරකයන් කටයුතු කළේය.

කේප්ටවුන්හි පැවති මෙම තරගය පරාජය වීමත් සමග තරග 5-0 ලෙස පුර්ණ තරගාවලි පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විය.

දකුණු අප්‍රිකාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊයේ තරග පරාජයෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායවේ විවේකාගාරය තුල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර උණුසුම් වාද විවාද ඇති වූ බවයි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුම උණුසුම් ලෙස උස්හඬින් අදහස් දක්වා ඇති බවද වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ වහා ක්‍රියාත්මක වන පරිදි යළිත් කොළඹට කැඳවා ඇති අතර ඔහු ඉදිරියේ 20-20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු නොකරනු ඇත.

බොහෝ දුරට ඔහු පුහුණුකරු ධුරයෙන් ඉවත් කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.
gossip lanka