විචාරකයන්ගේ මතය ප්‍රබල වේ, අසාර්ථක දික්වැල්ල ඉවත් කරමින් උපුල් තරංගට අවස්තාව ලබා දීමේ ඉඩක් ?

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිවුවෙනි එක්දින තරගය අද පැවැත්වීමට නියමිතය.

මෙම තරගයේදි දිගින් දිගටම අසාර්ථක ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ඉවත් කිරීමේ අවස්තාවක් පවතින බව කියවේ. ඔහු වෙනුවට එක් තරගයක් පමණක් ලබා දී ඉවත් කළ උපුල් තරංගට අවස්තාව ලබා දීමේ ඉඩක් පවතින බවත් වාර්තා වේ.

ඒ නායක ලසිත් මාලිංග විසින් උපුල් තරංග නැවතත් කණ්ඩායමට ඉල්ලා සිටීමත් සමගයි. කෙසේ වෙතත් පුහුණුකරු චන්දික හතුරුසිංහගේ මතය වී තිබෙන්නේ ඉතිරි තරග දෙකද නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරවීමටය. අවශ්‍ය නම් අවිශ්ක ප්‍රනාන්දු ඉවත් කරමින් උපුල් තරංග කණ්ඩායමට කැඳවන ලෙසට චන්දික හතුරුසිංහ යෝජනා කර තිබෙන බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

එම හේතුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳ තවමත් අවසන් තීරණය ලබා ගෙන නැත.

කෙසේ වෙතත් දෙස්, විදෙස් ක්‍රිකට් විචාරකයන් දිගින් දිගටම ප්‍රකාශ කළේ අසාර්ථක දික්වැල්ල ඉවත් කරමින් උපුල් - අවිශ්ක සුසංයෝගය සමග ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ යුතු බවය.