රණවිරුවන් ලොව ඕනෑම රටකදී අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රහය.. බ‍්‍රිතාන්‍ය UNHRCට බාර දුන් යෝජනාව මෙන්න

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විසින් සකස් කරන ලද යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත බාර දී තිබේ.

යුද අපරාධ චෝදනා යටතේ ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීන් කොමිසමේ සාමාජිකත්වය දරන ඔ්නෑම රටකදී අත්අඩංගුවට ගැනීමට වූ වගන්තියක්ද මෙම යෝජනාවලියේ වෙයි.

ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ වූ සියළු කරුණු ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කල යුතු බවත් නව යෝජනාවේ දැක්වෙයි.

ශ‍්‍රි ලංකා විදේශ අමාත්‍යංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ද මෙම යෝජනාවලිය සදහා සම අනුග‍්‍රහකත්වය දක්වන බවයි.