කටුනායක ගුවන් තොටේ ආරක්‍ෂක අංශයට පාතාල රොත්තක් බදවා ගනී ?

කටුනායක ගුවන්තොටුපොල ආරක්ෂක අංශයට පාතාල නායකයෙකු වන පස්පොඩ්ඩාගේ ගෝල බාලයන් රැසක් හොර පාරෙන් කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂාවට බදවා ගැනීමේ සූදානමක් ඇතයි වාර්තාවේ. මෙම බදවාගැනීම සිදුකරන්නේ විෂය භාර ඇමතිවරයාටද ඔවුන්ගේ නිවරදි තොරතුරු සගවා කරුණු  ඉදිරිපත් කර බවද දැනගන්නට ඇත.


පස්පොඩ්ඩා සමග සමීප සම්බන්ධතා පවසන ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙකු හරහා මෙම නාම ලේඛණය ගුවන්තොටුපල හා ගුවන්සේවා සාමාගමට මේ වන විට ගොනු කර ඇති අතර ඔවුන් ඉදිරි දින කීපය තුළ සම්මුඛ පරීක්ෂණයට ලක්කිරීමට නියමිතය.

ඒ අය අතර මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, තර්ජනය කිරීම් වලට සෘජුවම සම්බන්ධ අය සිටින බවට ගුවන්තොටුපල ආරන්චිමාර්ග සදහන් කරයි.

ආයුධ ලගතබා ගැනීමේ සිද්ධියක් සම්බන්දව මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පස්පොඩ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත නැමැති  අය ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙකු සමග සමීප සම්බන්ධකම් පවත්වන බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පල විය.

– jkt