ශවේන්ද‍්‍ර හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා කිරීම ගැන UNHRC මහ කොමසාරිස්ගේ විරෝධය…

මේජර් ජනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය කනගාටුව පළකර ඇත.
කොටි සංවිධානයට එරෙහිව මෙරට පැවැති යුද්ධයේදී 58 වැනි සේනාංකයට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බවත් එවන් තත්ත්වයක් යටතේ 58 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්වීම ගැන දැඩි කනස්සල්ලෙන් සිටින බව කොමසාරිස්වරිය සඳහන් කර ඇත ඇය.

මේ බව සඳහන් කර ඇත්තේය ජිනීවා නුවර දී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මහ සභාවට ඉදිරිපත් කරන ශ‍්‍රී ලංකාව ගැන වූ ලිඛිත වාර්තාවෙනි.

ප්‍රතිසංවිධානය වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය ගැන සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බවද ඇය වාර්තාවෙන් සදහන් කරයි.