ලගම එන බව කියන දේශපාලන පෙරලිය ගැන අජිත් පෙරේරා කතා කරයි

අද හෙටම සිදුවන්නේ යයි කියන දේශපාලන පෙරලිය සම්බන්ධයෙන් කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා අදහස් පල කරයි.

ඔහු පවසන්නේ ජනාධිපතිවරණයට පෙර කිසිදු දේශපාලන පෙරලියක් සිදු නොවනු ඇති බවයි.

සම්මත ක‍්‍රමයෙන් පිට එවන් දේ කරන්නට ගොස් ජනාධිපතිවරයා රටට හානියක් නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු කියා සිටී.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේ 113ක් නැතිව කොතරම් පෙරලි කලද ඒවායෙන් පලක් නොවනු ඇති බවයි.