නඩුව අදාලම නෑ.. ගෝඨාට පුරවැසිකම අතහැරිය හැකියි..- ඇමරිකා නිල ලේඛණ පෙන්වමින් Al jazeera කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව අල් ජසීරා මාධ්‍යවේදිනි Lisa Fuller පවසයි.

ඇමරිකා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව පවරා ඇති නඩුව ඔහුගේ පුරවැසිකම ඉවත්කර ගැනීමට කිසිදු බාධාවක් ඇති කල නොහැකි එකක් බව ඇය සදහන් කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යොමුවක්ද උපුටමින් ඇය විසින් මේ බව පෙන්වා දී තිබේ.