gossip lanka

පාතාල රහස් ගොන්නක් දන්නා කැවුමාගේ හිතවතිය පොලීසියට එරෙහිව නඩු දමලා

මාකඳුරේ මදුෂ්ගේ ළඟම ගෝලයාවූ කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා සමඟ සබඳතා පැවැත්වූ පුස්තකාල සහායකවරිය අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයාකිරීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට චෝදනා නගමින් එම කාන්තාව පොලිස් කණ්ඩායම් තුනකට එරෙහිව නඩු පැවරීමට කි‍්‍රයාකර ඇතැයි වාර්තාවේ.

 මෙම කාන්තාව මධුෂ් පිළිබඳව තොරතුරු රැසක් දන්නා බවද මධුෂ් ඉපයූ රුපියල් කෝටි ගණනක මුදල් සහ නිවාස මෙම කාන්තාවගේ නමින් පවතින බව විශ්වාස කරන බවත්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරද්දී ඇය අතුරුදන්වී ඇති බවත්ද පොලිස් පරීක්‍ෂකවරයා පැවැසීය.


මෙම කාන්තාව පොලිස් පරීක්‍ෂණ වලට අත්‍යවශ්‍ය බවද දැන් ඇය පාතාලයේ රහස් තොරතුරු වසා ගැනීම සඳහා පොලිසියට සහ විශේෂ කාර්ය බළකායට එරෙහිව නඩු පැවරීමට යන බවද පොලිසිය කියයි.
gossip lanka