"කණගාටුව පළ කළේ ජනතාව නිසා - වෛද්‍යවරුන්ගෙන් සමාව ගැනීමට සුදානම් නෑ" ඌව මහ ඇමති චාමර සම්පත්

තමන් කණගාටුව පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලිපියක් ලබාදුන්නේ ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් බව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

කෙසේ වෙතත් කිසිදු ලෙසකින් සමාව ගැනීමට තමන් සූදානම් නොමැති බවයි ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ. බදුල්ල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනිතා තෙන්නකෝන්ට පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දින 3 ක් පුරා කි‍්‍රයාත්මක කෙරුණු වෛද්‍ය වර්ජනය අවසන් කෙරුණේ ඊයේ රාති‍්‍රයේයි. ඒ, ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ රාති‍්‍රයේ (05) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්‍ෂ ඒ පිළිබද මෙලෙස කරුණු දැක්වූවා. මේ සම්බන්ධයෙන් ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අදහස් පළ කළේ මෙලෙසයි.
gossip lanka