gossip lanka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට කරන්න ඉඩ දෙන්නෙ නෑ - දුමින්ද

ඉදිරි ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගීත්වය, සහයෝගය නොමැතිව මොනම ජනාධිපති ධුර අපේක්ෂකයෙකුටවත් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු හා මැයි රැලිය පැවැත්වීම පිළිබඳව පසුගිය පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීධුර අපේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී පැවති හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමවිටම අනිකුත් දේශපාලන පක්ෂ සමග සන්ධාන ගතවීමට කැමතියි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් සන්ධාන ගත වෙලයි සියලු ජයග්‍රහණයන් ලබා තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ ජනාධිපතිතුමා අනෙකුත් සියලු දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ජා කර පුළුල් සන්ධානයක් හදා ගැනීමට අපි කැමතියි.අපේ සන්ධානය පුළුල් වෙන්න වෙන්නල අපට ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව ලැබෙනවාල ඒ වගේම ජයග්‍රහණය ස්ථාවර වෙනවා.

ඒ නිසා තමයි පොහොට්ටු පක්ෂයත් සමග අපි සාකච්ජා ආරම්භ කළේ. හැබැයි ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පිරිස් කියන  විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යට කිරීමට ඉඩ දීමට අපි කිසිවෙකුත් සූදානම් නෑ. එහෙම බැරිවෙලා හරි යටවුණොත් එහෙම යට වෙන්නේ අපි නෙමෙයි පාක්ෂකයෝයි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අපටත් එදා අමාරු වෙලාවේ හිටපු පාක්ෂිකයන්ව අපට අමතක කරන්න බෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොන පක්ෂය සමඟ සාකච්ජා කළත්, මොන පක්ෂයත් සමඟ සන්ධාන ගත වුණත් අපි ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයත් ආරක්ෂා කර ගෙන ඒ ගමන යනවා මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට කිරීමට ඉඩ දී  කිසිම සාකච්ජාවක් නොකරන බව  අපි ඉතාමත් පැහැදිලිව කියනවා.

ශ්‍රී ලංකා නිදහස්  ජනාධිපතිතුමාගේ ධුර කාළය පිළිබඳව නැවත වරක් අධිකරණයේ මතය විමසීමට කටයුතු කරනව නම්  ඔවුන් ඊට විරුද්ධ වන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මැතිතුමා ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්  විදිහට අපට හැමදාමත් අවශ්‍යය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක්. ඒ නිසා තමයි  සන්ධානයක් විදිහට අපි හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කිරීමට සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට අවශ්‍යය කටයුතු කරනවා මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයා කළ කිරෙන සහ  අසරණ වෙන විදිහේ ක්‍රියාවක් අපි කරන්නේ නෑ කියන කාරණාව ප්‍රකාශ කරනවා.

ඉදිරි ජනාධිපති මැතිවරණයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගීත්වය, සහයෝගය නැතිව මොනම ජනාධිපති ධුර අපේක්ෂකයෙකුටවත් ජයග්‍රහණය කිරීමට පුළුවන්කමක් නෑ, පාර්ලිමේන්තු මැතිවරණය ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගීත්වය නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධය නැතිව කාටවත් තනි ආණ්ඩුවක් පිහිටුවන්න බෑ,

එහෙම නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කණ්ඩායමක් එළියට ගිහින් වෙනත් පක්ෂයක් හදන් හිටියත් අද තීරණාත්මක සාධකය වෙලා තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ නිසා වැටෙන්න ලකළකිරෙන්න ඕන නෑ, අපි හැමෝම ඒ තීරණාත්මක බලවේගයත් එක්ක නැගිටින්න, ශක්තිමත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහ ගෙදරට සියලු දෙනාම ගෙන්වා ගැනීමේ හැකියාවත් තියෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් කියන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම පෙරමුණට යට කිරීමට අපේ  පක්ෂයේ කිසිවෙකුත් සූදානම් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක්, පළාත් සභාවක් හදන්න බෑ, මේ කාරණාව කවුරුත් සිහියේ තබා ගත යුතුයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහා බලවේගය නොවුණත් අපි තීරණාත්මක බලවේගය බවට පත්ව  තිබෙනවා. ශ්‍රී ලංකා නිදගස් පක්ෂය මහා බලවේගය නොවුණත්, තීරණාත්මක බලවේගයට වැඩි බලතල වැඩි හයියක් සහ වැඩි අවස්ථාවක් ලැබෙනව.  ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා වෙන කිසිවෙකුත් නොව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාපමණමයි.

අනුරාධපුර විශේෂ  - පර්සි කුරුනේරු
gossip lanka