කූඨ ලේඛන හදලා රාජ්‍ය අයාතන ඇන්දූ ජා -ඇල නාගරික මන්ත්‍රීට එරෙහිව පෙත්සමක්

කූඨ ලේඛන ඉදිරිපත් කරමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රැකියාවක් ලබා ගෙන රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ ජා-ඇල නගර සභාවේ නාගරික මන්ත්‍රී වරයෙකුට එරෙහිව ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉකුත් පලාත් පාලන මැතිවරණයට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදී ජයග්‍රහණය කොට ජා-ඇල නගර සභාවට තේරී පත් වු මන්ත්‍රීවරයකු ඉහත චෝදනාවට ලක්ව තිබේ.ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී සිටින කුමුදු ප්‍රසන්න සිල්වා විසින් සියළු ලේඛන සහිතව ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා වෙත ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ සඳහන් කර ඇත්තේ වර්ෂ 3කට අධික කාලයක් ආදාල මන්ත්‍රී වරයා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන් කරවකු ලෙස සේවය කරමින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවයි.

එසේම පලාත් පාලන මන්ත්‍රී වරයකු ලෙස පලාත් පාලන කොමසාරිස් වරයාට ලබා දෙන ජීව දත්ත සටහනෙහි ද වැරදි තොරතුරු ඇතුළත් කර ඇති බවද පෙත්සමේ සඳහන් වනවා.

කුමුදු ප්‍රසන්න පෙරේරා මන්ත්‍රී වරයා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශයේ පලාත් සභා මන්ත්‍රී වරයකුගේ ද සහය ඇතිව ආදාල මන්ත්‍රී වරයා මෙම වංචා සහගත ක්‍රියාව සිදු කර ඇති බවයි.

ප්‍රසංග පාවූඑහේවා
මව්බිම