ජනපතිවරණයේ ජවිපෙ සැලසුම හෙළිවෙයි !

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා පුළුල් සමාජවාදී බලවේගයක් තුළින් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

48 වැනි අප්‍රේල් විරු සමරුම මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවැති අතර එහි ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේද පැවසුවා.

රෝහණ විජේවීර සහෝදරයා 1965 ජනතා විමුක්ති පෙරමුණ බිහිකළේ සමාජවාදී අරමුණු ඉදිරියට ගෙන යන්න. නමුත් ඒ සඳහා රාජ්‍ය බලය නැතුව සමාජවාදී රාජ්‍යයක් බිහි කරන්න බැහැ. අපගේ ඉලක්කය තමයි රාජ්‍ය බලය ලබාගැනීම. ඒ අනුව එම අරමුණ ඇතිව තමයි අපේ ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.

“මේ නව බලවේගය සඳහා කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත නොවන බව අවධාරණය කළ යුතුයි. මේ පුළුල් ජාතික බලවේගය තුළ නව ලිබරල් වාදය ස්ථාපිත කිරීම, විමුක්ති අරගල පිළිබඳ එක කාරණාවක් ඉදිරියටම ගෙන යෑමට පියවර ගන්නවා. අපි ටී.එන්.ඒ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්නේ නම්, අපි ඔවුන්ට එරෙහිව දමිළ ජනතාව  පෙළගස්සනවා. ලංකාවේ දේශපාලනඥයන් අතරින් වැඩියෙන්ම අභියෝගයකට පත් වෙලා ඉන්න නායකයා තමයි මහින්ද රාජපක්ෂ. ඔහුට වෙන්න යන්නේ අර ඩැගන්ෆ්ලයි (ඤපචඨධද ටතර) මැස්සාට වෙන දේ. මේ සතාට, බඩගිනි වුණාම පස්සට හැරිලා තමන්ගේ ඇඟ කාගෙන එන්න පුළුවන්. ගෝඨාභය ගෙනාවොත් මහින්දට වෙන්නෙත් ඒ ටිකම තමයි. මහින්ද රාජපක්ෂ මහතාට විකල්ප දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කිරීම මඟින් නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය බේරාගත හැකියි.

මොන ගැටලු තිබුණත් මෛත්‍රි ජනාධිපති කරලා මහින්දට අගමැති වෙන්න පුළුවන්. ඒ වගේම රනිල් බලාගෙන ඉන්නේ ගෝඨාභය ජනාධිපතිවරණයට එයි කියලා. මහින්ද ආවොත් රනිල්ට අමාරු වෙනවා. විසිවැනි සංශෝධනයටත් රනිල් එකඟ නොවන්නේ ඒ නිසයි. පාර්ලිමේන්තු ඡන්දය ඔහුට වාසියි. මේ මොනවා වුණත් අපි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් කරනවා. ඒක ස්ථිරවම කියනවා. මට හිතන්නේ ජනාධිපතිවරණයට එන්නේ ශිරන්ති. අද වනවිට වමේ ව්‍යාපාරයක මුහුණුවරකින් ආරම්භ විය යුතු කාලය ඇවිල්ලා. ඒ සමඟ රටේ ප්‍රශ්නත් වැඩි වී තිබෙනවා. සමහර ප්‍රශ්න එන්.ජී.ඕ. විසඳන්න උත්සාහ කරනවා. අපි වමේ ව්‍යාපාරය හැටියට ඒවාට විසඳුම් සෙවිය යුතුයි.”

මහනුවර දිස්ත්‍රික් නායක ගයාන් ජානක හේරත්

1971 අරගලයට සම්බන්ධ වූ විරුවන් පෞද්ගලික අරමුණු තිබුණත් ඒ සියල්ලම පසෙකට දමා පොදු අරමුණු වෙනුවෙන් කැපවුණා. ඒ වෙනුවෙන් ජීවිතය පවා පරිත්‍යාග කළා. අපි ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යනවා.”

කෝකිල සමීර