gossip lanka

කටුනායක ගුවන් තොටුපලේ නිළධාරීන් එක්ව සිදු කරන සුපිරි මත්පැන් ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

උත්සව සමය ආරම්භ වීමත් සමග කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත්පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිස් පවසති.

මෙයට ගුවන් තොටුපළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන සේවකයින් මෙන්ම , ගුවන් තොටුපළට අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ද මෙම ජාවාරම සම්බන්ධ වී සිටින බවද  ඔවුහු පවසති .

නිදසුනක් ලෙස වැට් - 69 වර්ගයේ විස්කි බෝතලයක් තීරු බදු රහිත මිලට රුපියල් 3,100කට මිලදී ගන්නා මොවුන් , පසුව එය ගුවන් තොටුපළ තුළදීම රුපියල් 4,200කට අලෙවි කරන බවද සැලවේ .

මොවුන් මෙම මත්පැන් බෝතල් විවිධ රථ වාහන යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශ වල පවත්වා ගෙන යනු ලබන  මත්පැන් අලෙවි සැල් වෙත තොග වශයෙන් අලෙවි කිරීමේ යෙදී සිටින බවද ගුවන් තොටුපළ සේවකයෝ වැඩිදුරටත් පවසති .
gossip lanka