ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය නැතොත් මාලිංග සමුගනී?

ඉදිරියේ දී එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුදැයි මේ වනවිටත් නම් කර නැත. තරගාවලියට සහභාගී වන රටවල් කිහිපයක්ම තම සංචිතය නම් කර ඇතත් ශ්‍රී ලංකා සංචිතය කවුදැයි මේ වනතෙක් නම් කිරීමට ක්‍රිකට් බලධාරීන් අපොහොසත් වී තිබේ.
මේ අතර වාර්තා වන්නේ ලෝක කුසලානය සඳහා සහභාගි වන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඒ අනුව ලසිත් මාලිංග නායකත්වය ගිලිහී යනු ඇති බවටද වාර්තා වේ. මේ අතර ඇතැම් නිල නොවන මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ ලෝක කුසලානය සඳහා නම් කරන කණ්ඩායමේ නායකත්වය නොලදහොත් ලසිත් මාලිංග සිය ක‍්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.