මදූෂ්ගේ සගයන්ට ඩුබායි බලධාරීන්ගෙන් විශේෂ සැලකිලි ?

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබ වරින්වර ශ‍්‍රී ලංකාවට පැමිණි පිරිස එලෙස ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පිටුවහල් කිරීමට අදාළ සාමාන්‍ය සම්ප‍්‍රදායන් අනුව නොවන බව වාර්තා වනවා. සාමාන්‍යයෙන් පිටුවහල් කරනු ලබන පුද්ගලයෙකුගේ ගමන් බලපත‍්‍රය සහ පිටුවහල් කිරීමට අදාළ ලියකියවිලි අදාළ රට විසින් භාර දෙන්නේ එම පුද්ගලයා පැමිණෙන ගුවන් යානයේ නියමුවරයාටයි.

කෙසේවෙතත් මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබ ශ‍්‍රී ලංකාවට පැමිණි පිරිස ඔවුන්ගේ ගමන් බලපත‍්‍ර ඔවුන් සන්තකයේම රැගෙනවිත් තිබෙනවා. මෙලෙස පැමිණ ඇති පිරිස 13දෙනෙකු වන අතර ඔවුන්ගෙන් 08දෙනෙකු ෆ්ලයි ඩුබායි ගුවන් යානාවලද අනෙක් පස්දෙනා ශී‍්‍ර ලන්කන් ගුවන් යානාවල ද පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට අදාළ ගුවන් ගමන් ප‍්‍රවේශපත‍්‍ර සකස් කර දී ඇත්තේ මාකඳුරේ මදූෂ්ගේ ඩුබායිහි සිටින අනියම් බිරිඳ බව ද පැවසෙනවා.

නෙත්