ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි සුබ නැකතින් ප‍්‍රකාශ කරන්න සූදානම් - මහින්ද

විපක්‍ෂය විසින් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්දැයි ප‍්‍රකාශයට පත් කරන්න නැකතක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මැයි 01 වැනිදා එය ප‍්‍රකාශ නොකරන බවද ඔහු සදහන් කලේය.

රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ වැලිවේරියේදී පැවති දිවංගත ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතාගේ 09 වැනි ගුණානුස්මරණ උත්සවයෙන් පසු මාධ්‍ය අමතමිනි.
gossip lanka