මධුෂ් අපේක්ෂාවෙන් බුද්ධි අංශ කටුනායකට !

පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් අපේක්ෂාවෙන් රාජ්‍ය බුද්ධි අංශ කටුනායක ගුවන්තොටුපොළේ රැකවල්ලා ගෙන සිටින බව ආරක්ෂක අංශ ප්‍රධානියකු පැවැසීය.

ඉදිරි දින කිහිපය තුළ මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇති බවත් එම නිසා කටුනායක ගුවන්තොටුපොළේදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ සැලැස්මක් සකස් කර ඇති බවත් එම ප්‍රධානියා සඳහන් කළා.

තමන් ශ්‍රී  ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මධුෂ් ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ඔහු මෙරටට පිටුවහල් කරනු ඇති බවට විශ්වාසය පළ කරන බවද හෙතෙම පැවැසීය. මධුෂ් ගොනු කළ පෙත්සම මේ මස 14දා විභාග වීමට නියමිතය.

චාමර අමරසූරිය
මව්බිම
gossip lanka