අලුත් අවුරුද්දට පසු අලුත් ආණ්ඩුවක් ! - ජනාධිපති ඉඟි පළකරයි

ආණ්ඩුව විසින් ගැසට් කර තිබෙන ඉඩම් පනතට තමන් කැබිනට් මණ්ඩලයේදී විරෝධය දැක්වුවද අගමැතිවරයාගේ මෙහෙයවීම මත එම පනත මේ වනවිට ගැසට් කර තිබෙන බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒ සම්බන්ධයෙන් හෙට (06) ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තා කරයි.

විපක්‍ෂනායකවරයාගේ ද සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (04) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේබව සඳහන් කර ඇත.

මේ ආකාරයට එක්සත් ජාතික පක්‍ෂ රජය සමඟ තවදුරටත් කටයුතු කිරීම අපහසු බව පවසා ඇති ජනාධිපතිවරයා ආණ්ඩු විරෝධි පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා සිංහල අවුරුද්දෙන් පසුව සියලූම දෙනා එක්විය යුතු බවද පවසා ඇතැයි අදාල පුවත් වාර්තාවේ සඳහන් වේ.