තවත් ඇමති ධුර 10ක් අගමැති නිර්දේශ කරයි.. ලයිස්තුව ජනාධිපතිට යවයි !

අලුතින් ඇමතිධුර ලබා දිය යුතු 10 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කර ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනෙක් සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන 04 දෙනෙකුව මෙසේ ඇමති ධූර සඳහා යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.

විජිතමුනි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, මනුෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පාලිත රංග බණ්ඩාර, වසන්ත සේනානායක, ඩී.එම්. ස්වාමිනාදන් යන එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු දස දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට අගමැතිවරයා විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයා විසින් තවත් ඇමතිධූර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.