gossip lanka

විදුලිය නැත්තේ නොරොච්චෝලේ දෝෂයක් නිසා - ඉන්ජිනේරුවන් සඟවාගෙන සිටි රහස එළිවෙයි

වසරකට ආසන්න කාලයක් තිස්සේ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් නිපදවමින් තිබූ විදුලිය මෙගා වොට් අසූවක්ම නිපදවීමට නොහැකි වී ඇතැයි මුල් වරට අනාවරණය වී තිබෙනවා.

තාක්‍ෂණික දෝෂයක් නිසා එම බලාගාරයේ පළමු විදුලි බලාගාර පද්ධතියේ නිපදවනු ලැබූ මෙගා වොට් 280න් මෙගා වොට් 80ක්ම මෙලෙස අහිමිව ඇතැයි හෙළි වී ඇත.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අදියර තුනක් යටතේ ඉදිකළ අතර මුල් අදියරේ මෙගා වොට් 280ක්ද දෙවැනි අදියරේ මෙගා වොට් 280ක්ද තෙවැනි අදියර යටතේ තවත් මෙගා වොට් 280ක්ද ජාතික විදුලි පද්ධතියට එකතු කෙරුනා.

නමුත් මෙම ගල්අඟුරු බලාගාරයේ පළමු අදියරේ විදුලි පද්ධතියේ දෝෂයක් නිසා 2018 වසරේ මැයි සිට මෙගා වොට් 80ක් නිපදවීම නතර වී ඇත. ශ්‍රී  ලංකා මහජන උපයෝගිතා කොමිසමට ඒ බව දැනුම් දී තිබුණද ඊට පසුව ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසම අතර උද්ගත වූ අර්බුද නිසා බලාගාරයේ දෝෂය රහසක් ලෙස සඟවා තබා ගැනීමට ඉන්ජිනේරුවන් තීරණය කර තිබෙනවා.

නොරොච්චෝල බලාගාරයේ දෝෂයක් නිසා අඛණ්ඩව විදුලිය ලබාදිය නොහැකි බවට බොරු ප්‍රචාරයක් මත මේ වත්මන් විදුලි කප්පාදුව ආරම්භ කර ඇතැයිද මේ වන විට හෙළි වී තිබෙනවා.

ශිරාන් රණසිංහ - මව්බිම
gossip lanka