කැෆේ කීර්ති ඉවතට.. ෂාන් විජේලාල් දකුණේ ආණ්ඩුකාරකමට.. මැතිවරණය පැත්ත පලාතක නෑ !

දකුණු පළාත් සභාවේ හිටපු මහඇමති ශාන් විජේලාල් ද සිල්වා මහතා එම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

පළාත් සභා නිල කාලය පෙරේදා දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූයේ ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභා විසුරුවා හැරීම නිසා වුවද එදිනම එහි කිල කාලයද අවසන් වීමට නියමිතව තිබින.

දකුණු පළාත් සභාවේ ඉතිහාසයේ වැඩිම කාලයක් මහ ඇමැති ධුරය දරා ඇත්තේ ශාන් විජයලාල් සිල්වා මහතායි.

ඒ මහතා දකුණු පළාත් සභාවේ පළමු සභා වාරය හැර සෙසු සියලු සභාවන්හි මහ ඇමැති ධුරය දරා ඇත.

දැනට පළාත් ආණ්ඩුකාර ධුරය දරන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් වීමට මේ අනුව සිදු වනු ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

පලාත් සභා 07ක් මේ වන විට විසුරුවා හැර ඇති අතර මැතිවරණ පැවැත්වෙන්නේ කවදාදැයි කිසිදු තොරතුරක් ස්වාධීන මැතිවරණ කොමිසම හෝ දන්නේ නැත.