‘විදුලි අර්බුදය නිම කළ රවී කරුණානායක මැතිතුමා ට අපගේ ප්‍රණාමය’ කොළඹ පුරා පෝස්ටර්

විදුලි කප්පාදුව නව නැවතීම සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතාට ප්‍රණාමය පුද කරමින් කොළඹ සහ නගර ගණනාවක් පුරා පෝස්ටර් අලවා තිබේ.

ඒවායේ දැක්වෙන්නේ ‘විදුලි අර්බුදය නිම කළ රවී කරුණානායක මැතිතුමා ට අපගේ ප්‍රණාමය’ යනුවෙනි.

කෙසේ වෙතත් විදුලි කප්පාදුව මේ වනවිටත් නවතා තිබීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රය සම්බන්ධ ප‍්‍රමණික වෘත්තිකයන් සඳහන් කරන්නේ අවුරුදු සමයේ කොළඹ සහ නාගරික ප්‍රදේශවල කර්මාන්තශාලා වල වැඩ කිරීම අඩුවන නිසා විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් විදුලි කප්පාදුව නවතා දමා ඇති බවයි.

එමෙන්ම පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වෙමින් තිබේ.

පාවෙන බලාගාරයන් දෙකක් කොළඹ වරායට පැමිණෙන නවතා තිබුනේ කැබිනට් අනුමැතිය ලැබීමට පෙර බව ද තවත් පිරිසක් චෝදනා කරති.