ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් අභාවප්‍රාප්තවේ !

ප්‍රවීණ සංගීතඥ එච්. එම්. ජයවර්ධන මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (08) අභාවප්‍රාප්ත වුණේ කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 59ක්.

මෙරට සංගීත ක්ෂේත්‍රයට අමරණීය ගීත රැසක් තිළිණ කළ ඔහු අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමියා වන අතර ජනප්‍රිය සංගීතඥ කසුන් කල්හාරගේ පියා ද වනවා.
gossip lanka