ලසිත් මාලිංගගේ නැන්දණිය අභාවප්‍රාප්ත වේ - බංග්ලාදේශ තරගයෙන් පසුව 'මාලි' නැවතත් ලංකාවට !

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නැන්දණිය (බිරිඳගේ මව) අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයෙන් පසු අවමංගල්‍යට සහභාගී වීම සදහා ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වෙනවා.


ඒ නැවතත් එලඹෙන 14 වනදා කණ්ඩායමට එක්වීමේ අභිලාෂය සහිතවයි.