gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෝටල් 3ක බෝම්බ පුපුරලා එකක් විතරක් පිපිරුවේ නැත්තේ ඇයි? දයාසිරි කමිටුවෙන් ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තොරතුරු දැන සිටි බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.


කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ තමාටද ගැටළුක් පවතින බවත් එය ජනතාවටද ගැටළුවක් බව නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

පසුගිය පාස්කු දින ප්‍රහාරයෙදී ලංකාවේ හෝටල් දෙකක බෝම්බ පිපිරීමටත් තවත් හෝටලයක් තුළ බෝම්බ පිපිරීමක් සිදු නොවීමටත් හේතුව පාර්ලිමේන්තු කාරක සභාව විසින් සොයා බැලිය යුතු බව ඒ මහාත සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ නිසි සොයා ගැනීමක් සිදු නොකර ඇති බවයි.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීමට කිසියම් කාරණයක් හේතුවූ බව මන්ත්‍රීවරයා වැඩසටහනකදී සදහන් කර තිබුණි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka