gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ සහාය එජාපයට දෙන්නේ ජනාධිපතිවරණය දින්න හැකි පුද්ගලයෙක් දැම්මොත් පමණයි - දිගම්බරම්

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජනතාව ඉල්ලන දිනන්ඩ හැකියාව තිබෙන අපෙක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ නම් පමණක් වතුකරයේ ජනතාවගේ  සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.


අමාත්‍යය පලනි දිගම්බරම් මහතා එ බැව් කියා සිටියේ නුවරඑලිය  නානුඔය පිඩ්රු වතු යායේ ස්කාප් කොටසේ අලුතින් වතු නිවාස 25 ඉදි කිරිම සදහා ඊයේ (09) පස්වරුවේ එම වතුයායේදි මුල් ගල තැබිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ  ජනාධිපති අපෙක්ෂකයාට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලබා දිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් දිනන අපෙක්ෂකයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බවට තමන් තුල විශ්වාසයක් ඇති බව පලනි දිගම්බරම් අමාත්‍යයවරයා කියා සිටියේය.

ජනාධිපතිවරණය පැවැත්විමෙන් අනතුරුව මහ මැතිවරණයත් ඉන් අනතුරුව පලාත් සභා මැතිවරණයත් පැවැත්වෙන බව අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.

පැවැත්විමට නියමිත සැම මැතිවරණයකින්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත්,  එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට විශාල වැඩ කොටසක් සිදු කල බවත්, වතුකරයේ ජනතාව වෙනුවෙන් අලුතින් පලාත් පාලන ආයතන ස්ථාපනය කිරිම , වතු කම්කරුවන්ට පර්චස් 7 ක ඉඩමක් සහිත නිවසක් ලබා දිම , හිමිකම් ඔප්පු ලබා දිම  ඇතුළු සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කල බවයි අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.

එම වතුයායේ ඉදි කිරිම් ආරම්භ කල වතු නිවාස 25  සදහා එම අමාත්‍යංශය මගින් එක් නිවසකට රු ලක්ෂ 10 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එම සැම නිවසක්ම වර්ග අඩි 750 කින් සමන්විත වෙයි.

හරිත රන් නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදි කරන එම සැම නිවසකටම විදුලිය පානිය ජලය , මං මාවත්  ලබා දිමටද නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka