gossip lanka

ජනාධිපති අපේක්‍ෂකත්වය විතරක් දෙන්නකෝ සර්.. නායකමත් එපා.. අගමැතිකමත් එපා..- සජිත් පිල අගමැති ලග බැගෑපත් වේ

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම් එය පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයට හේතුවිය හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් සඳහන්කර ඇත. ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීය.


ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ අගමැති ධුරය දිගටම රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළකර එම මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

එමෙන්ම පක්ෂයේ වෙනත් කිසිදු තනතුරක් වෙනස් නොකරන බවද සජිත් ප්‍රේමදාස මහතා එකඟතාව පළ කළ බව සඳහන් කර ඇත.
gossip lanka