gossip lanka

සජිත් ‘ශ‍්‍රී මුඛය’ යයි කීම නියම නායකයෙකු සතු ගුණාංගයක් - අජිත්

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ‘ශ්‍රී මුඛය’ යන වචනය භාවිතා කළේ මෙරට කිසිම දෙයක් නොවිකුණන බව සිය මුඛයෙන් පවසන බව තිරසාර ලෙසම පැවසීමට බව ඇමති අජිත් පී පෙරේරා මහතා පැවසීය.

එය නියම නායකයකු සතු ගුණාංගයක් යයිද ඒ මහතා සඳහන් කළේය.


කෙසේ නමුත් එය ප්‍රකාශ කළ ආකාරය නොගැළපෙන බවත් එය අල්ලාගෙන සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විශාල මඩ ව්‍යාපාරයක් ගෙන යන බවද ඔහු පැවසුවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
gossip lanka