gossip lanka

පාස්කු ප්‍රහාරයට සමාන ප්‍රහාරයක අනතුරු ඇඟවීමක් - STF,යුද හමුදාව හා පොලිසිය ආරක්ෂාව තරකරයි

මාර්ග කිහිපයක පරීක්‍ෂා කිරීමේ මුර කපොලු යළි ආරම්භ කොට ඇති අතර වවුනියාවේ වැදගත් ස්ථාන සියල්ලකටම ආරක්‍ෂාව සපයමින් පළාතේ ආරක්‍ෂාව දැඩි කොට තිබේ.

යුද හමුදාවේ හා පොලිසියේ මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළට අමතර ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකායද, වවුනියාවේ ආරක්‍ෂක කටයුතුවලට සහාය වී සිටිති.


පොලිස් විශේෂ කාර්ය බළකායේ යතුරු පැදි ඒකකය 7දා සිට නිරන්තරයෙන්ම වවුනියාව නගරය හා තදාසන්න ප්‍රදේශවල පැය විසි හතර පුරාම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබේ.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් යළි එල්ල විය හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කිරීමෙන් පසුව වවුනියාව පුරා මේ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට තිබේ.

රසාදි චතුරංගි ගමගේ
මව්බිම 
gossip lanka