gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම ජනපති මෛත්‍රී ශ්‍රීලනිපය භාරගන්නවා - වැ.බ. සභාපති කියයි

නාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසු වහාම නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා  පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයාට සහයෝගය ලබාදීමට ගත් තීරණයත් සමඟ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධුරයෙන් තාවකාලිකව ඉවත් වූ අතර නැවතත්
ජනාධිපතිවරණයෙන් පසු පක්‍ෂයේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයිද වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි කටයුතු සිදුකරනු ඇති බවද වැඩබලන සභාපතිවරයා පැවසීය.

අරුණ බෝගහවත්ත
 දිවයින
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka