gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියලු ප්‍රචාරක කටයුතු අද රෑ 12ට අවසන් - මහින්ද දේශප්‍රිය

නාධිපතිවරණය පිළිබඳ සියලු ප්‍රචාරක කටයුතු අද (13දා) මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වෙයි.

අද මධ්‍යම රාත්‍රි 12 සිට ‘නිහඬ කාලය’ ඇරැඹෙන අතර එම කාලය තුළ කිසිදු ජනාධිපති අපේක්ෂකයකු ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ ඡන්ද ප්‍රචාරණය, ප්‍රවර්ධනය කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.


‘නිහඬ කාලය’ තුළ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවත් එවැනි නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

‘නිහඬ කාලය’ තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමෙන් සැරැසුණු නිලධාරීන් සේවයේ යොදවා ඇතැයිද හෙතෙම පවසයි.

මෙම කාලය තුළ රාත්‍රියේදී දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවන අතර මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීමක් සිදු කිරීමටද උපදෙස් දී ඇත.

‘නිහඬ කාලය’ තුළ විවිධ මඩ ප්‍රචාර ගෙන යෑමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් එවැනි මඩ පත්‍රිකා ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම සහ බෙදා හැරීමෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේදී බාධා එල්ල වන බවද සභාපතිවරයා අවධාරණය කරයි.

මේ වනවිටත් විවිධ මඩ පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයන් කිහිපදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇති බව වාර්තා වී ඇතැයි දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ජේ.ටී. ද සිල්වා
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka