gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරකරුවෝ වහළයෙන් බසිති

වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැඟ  විරෝධතාවයේ නියැලි   සිටින මරණ දඩුවම් නියම වී සිටි සිරකරුවන් 6  දෙනා   අද දහවල්  වහලයෙන් බැස උද්සෝෂණය නවතා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.


මරණ දඩුවම නියම වූ සිරකරුවන්ට ජීවීත සමාව ලබා දීම හා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූවන්ට  වසර 20 කින්  ගෙවී යන සේ සළසා තබූ සහනය 1999 වසරේ මාර්තු 04 වැනිදා සිට  අහෝසි කිරීම, යන කරුණු  සම්බන්ධව ජනාධිපතිවරයාගේ  අවධානයට යොමු වී  ඒ සම්බන්ධ තීරණයක් ගනු ඇතැයි  උපවාසයේ යෙදී සිටින පිරිසට දැනුම් දීමේ පසු  ඔවුන් වහලයෙන් බැසීමට තීරණය කර තිබේ.

රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට ඉල්ලමින් මොවුන් වලට නැඟ උපවාසය ඇරැඹු අතර ඒ සමඟම  අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවලද යම් නොසන්සුන්කාරීත්වයක් හටගෙන තිබිණි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka