gossip lanka

දින්නත් පැරදුනත් සජිත් නියෝජ්‍ය නායකකමෙන් ඉවතට?

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ තනතුරු ගණනාවක් වෙනස් වීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළද පරාජයට පත්වුවද ඔහුගේ තනතුරේ ස්ථිර වශයෙන්ම වෙනස් වනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.


එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දැනටත් තනතුරු දරන බොහෝ පිරිසකට තනතුරු අහිමි වීමට ඉඩ ඇති බවත් නව පිරිසකට තනතුරු හිමිවීමට ඉඩ තිබෙන බවත් සඳහන්ය.

දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පත්කිරීම් සිදුකර එය සම්පුර්ණ කිරීමට ද නියමිත වී තිබේ.
gossip lanka