gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෂැංග‍්‍රිලා හෝටලය අසල වටිනා ඉඩමක් සිංගප්පූරුවට විකුණලා.. ටෙන්ඩර් කැදවූයේ කවදාද? ඉදිරිපත් වු සමාගම් මොනවාද? - අජිත් පී පෙරේරා

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය සහ ජනාධිපති මන්දිරය අතර පිහිටි අක්කර තුනහමාරක ඉතා වටිනා ඉඩම සිංගප්පූරු සමාගමකට  විකුණා දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා චෝදනා කරයි.

මෙම අක්කර තුන හමාර විකිණීමේදී ටෙන්ඩර් කැදවූයේද, කැදවූයේ නම් ඒ කවදාද යයි රජය පැවසිය යුතු බවත් ඔහු සදහන් කරයි.


ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද සමාගම් කවරේද එම සමාගම් ඉදිරිපත් කරන ලද මිල ගණන් කවරේදැයි මහජනතාව දැනගත යුතු යැයිද ඔහු පැවසීය.

එක බිම් අඟලක් විකුණන්නෙ නැතැයි ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවලදී පැවැසුවද දැන් එය වෙනස් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka