gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප නායකත්වය සජිත්ට නොදුන්නොත් අලුත් පක්‍ෂයක් හදනවා.. 70%ක් එජාප මන්ත‍්‍රීන් සජිත් සමගයි - අශෝක අබේසිංහ

16 වැනිදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස ලබා නොදුනහොත් නව දේශපාලන සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

ඒ සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70%ක් එකඟතාව පළ කර ඇතැයි ද ඔහු පැවසීය.


දැනටමත් පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතුයැයි යෝජනා කර තිබෙන බවත් යම් හෙයකින් බෙදීමක් ඇති වුවහොත් බහුතර කැමැත්ත අනුව තීරණය කිරීමට ඡන්ද විමසීමක් වුවද පැවැත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයින් සියලු දෙනාම පාහේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇතිකරන නව සන්ධානයට කැමැත්ත පළකර ඇතැයිද ඔහු කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka