gossip lanka

රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ දේශපාලනඥයින් රැසකගේ තොරතුරු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි කර ගැනීමට රහස් පොලිසිය ද පාර්ලිමේන්තුවේ ද අවධානයට ලක් කිරීමට තමන් කටයුතු කරන බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.


රාමනායක මන්ත‍්‍රීවරයා කෝප් කමිටුවේ සාමාජිකයෙකු බවත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු ළඟ හඬ පට කිහිපයක් ඇති බවටත් අවශ්‍ය වුවහොත් ඒවා ලබාදීමට සූදානම් බවටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ කරද්දී කෝප් කමිටුව නියෝජනය කළ එජාප මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දීමට අර්ජුන් ඇලෝසියස් කටයුතු කළ බව ජනාධිපති කොමිසමේ දී හෙළි වූ බවද ඇමැතිවරයා පැවසීය.

එවන් තත්ත්වයකදී බැඳුම්කර වංචාවට අදාළ හඬ පට තමන් සතුව ඇති බව රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කිරීම ඉතාම බරපතල තත්ත්වයක් ඒ ද ඔහු සඳහන් කළේය.
gossip lanka