gossip lanka

සජිත්ගේ ඇමති වැඩ ගැන සොයන්න මහින්ද කමිටුවක් දායි !

මධ්‍යම සංස්කෘ­තික අර­මු­ද­ලට අයත් මුදල් 2016 සිට 2019 දක්වා පරි­හ­ර­ණය කළ ආකා­රය පිළි­බඳ සොයා බැලීම සඳහා අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා විසින් ත්‍රිපු­ද්ගල විම­ර්ශන කමි­ටු­වක් පත් කර තිබේ.

හිටපු මහා­ධි­ක­රණ විනි­සුරු ගාමිණී සරත් එදි­රි­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ගෝඨා­භය ජය­රත්න, හරි­ගුප්තා රෝහ­ණ­දීර යන මහ­ත්ව­රුන් මේ සඳහා නම් කර ඇත.


බුද්ධ ශාසන, සංස්කෘ­තික සහ ආග­මික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් බන්දුල හරි­ස්චන්ද්‍ර මහ­තාට මේ කමි­ටුව සඳහා පහ­සු­කම් ලබා­දෙන ලෙස අග­මැ­ති­ව­රයා නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

පසුගිය රජය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදල පාලනය වූයේ කලක් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා යටතේ හා කලක් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යටතේය.

මේවන විට පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේ­ක්ෂ­කයා වූ සජිත් ප්‍රේම­දාස මහතා එකී ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර­ගත් ප්‍රචා­රක වැඩ­ස­ට­හන් සඳහා අමා­ත්‍ය­ව­ර­යාගේ උප­දෙස් පරිදි මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල සතු රුපි­යල් මිලි­යන 3600ක මුද­ලක් පාලක මණ්ඩ­ලයේ නිසි අව­ස­ර­ය­කින් තොරව මුදා හැර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

මේ සම්බන්ධයෙන් පසු­ගිය සැප්තැ­ම්බර් 04 වැනිදා පාර්ලි­මේන්තුවේ පැවැති විවා­ද­යකදී ද හිටපු සංස්කෘ­තික ඇමැ­ති­ව­ර­ය­කු වූ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිද­හස් සන්ධාන පාර්ලි­මේන්තු මන්ත්‍රී ටී.බී. ඒක­නා­යක මහතා ප්‍රශ්නකර තිබිණි.

කෙසේවුවද, මේවන විට විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවට සහයදීමට එක්ව සිටින බැවින් අදාළ කමිටු පරීක්ෂණය ප්‍රේමදාස මහතා ඉල්ලක්ක කර පැවැත්වෙන්නක් බව සංස්කෘතික අරමුදලේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ආණ්ඩු පෙරළියෙන් පසුව විශය බෙදීමේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප ආණ්ඩු සමයේ දැරූ අමාත්‍ය ධූරයට අදාළ සියලු ආයතන මේවන විට පවරා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතටය.
gossip lanka