gossip lanka

මගේ ෆස්ට් ලව් එක ශ්‍රීලනිපයයි... ඒක වැටෙන්න දෙන්න එපා - මහින්ද

තමන්ගේ ප්‍රථම ප්‍රේමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙයින් එම පක්ෂය වැටෙන්නට ඉඩ නොතබන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙන් ඉල්ලීම් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.


"දේශපාලන ධාරාවක් හැටියට අපි විශ්වාස කළේ, බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකාකාරයො හැටියට මේ පක්ෂය ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන ඉදිරියට යන්න. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට 'සර් මම හැන්දෑවෙ මොරටුවෙ දේශපාලන කාර්යාලය විවෘත කරනවා' කිව්වාම 'මටත් එන්න හිතුණා, එන්න තිබුණා, ඔයා කලින් කිව්වෙ නෑනෙ' කිව්වා.

මං කිව්වා ඉතිං සර්ගෙනෙ කියලා. 'ඔව් ඔව් ඔව්. මගේ ෆස්‍ට් ලව් එකනෙ SLFP කියන්නෙ' කිව්වා. 'තාවකාලිකව මට එන්න සිද්ධ වුණාට, මල්ලි ඕක වැටෙන්න දෙන්න එපා, වට්ටන්න දෙන්නත් එපා, කාටවත් ඕක පුපුරවන්න දෙන්නත් එපා. මගේ පළමු ආදරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය' කියලා එතුමා මට අද දවල් ප්‍රකාශ කළා. ඒක මම ඕගොල්ලන්ට කිව්වෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකිරීමෙන් ශ්‍රීලනිපය දියවී යනු ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කළත් තමන් එම තීරණය ගත්තේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා රට වටිනා නිසා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති උත්සවයක් අමතමිනි.
gossip lanka