gossip lanka

සෑම ඉන්ධන ලීටරයක්ම රුපියල් 10කින් මිල වැඩි කල යුතුයි - තෙල් සංස්ථාව කියයි

සෑම ඉන්ධන ලීටරයකින් රුපියල් දහයකින් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැනුම්දී තිබේ.

මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇතැයි සංස්ථාව විසින් විදුලිබල බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇත.


දැනට සංස්ථාව සිදුවන පාඩුව මගහරවා ගැනීම සඳහා වහාම ඉන්ධන මිල වැඩි කිරීම හෝ ආනයනයේදී අයකරන බදු අඩු කිරීම සිදු කළ යුතුම බව එම සංස්ථාවේ නිලධාරීන් විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතාට පෙන්වා දී ඇත.

කෙසේ නමුත් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ ගිය ද ජනතාව පීඩාවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීමට සූදානමක් නැති බවයි.
gossip lanka