gossip lanka

රන්ජන්ගේ හඬපට පොලිස් කණ්ඩායම් 10ක් අසයි.. අධිකරණය අපරාධ නඩු ගොනු කරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන ඇමතුම් හඬ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණය විශ්ලේෂණය කිරීමට පොලිස් කණ්ඩායම් 10ක් කර ඇත.

සහකාර පොලිස් අධිකාරීවරුන් ගෙන්ද යුතුව මෙම කණ්ඩායම් පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.


මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති හඬ පට වල පිටපත් පොලිසිය වෙත ලැබූ ලබාගත් පසු මේවා විශ්ලේෂණය කිරීම ආරම්භ කිරීමට නියමිතය.

මන්ත්‍රීවරයා විසින් අධිකරණයට, රහස් පොලිසියට හා අල්ලස් කොමිසමට කර ඇති බලපෑම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන විධි විධාන සංග්‍රහයට අනුව වෙන් වෙන් වශයෙන් අධිකරණ වෙත කරුණු වාර්තා කර නඩු පැවරීමට කටයුතු කරන බවද උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ ය.
gossip lanka