gossip lanka

සැහෙන පිරිසකගේ රෙදි ගැලවෙන රන්ජන්ගේ තවත් HARD DISC එකක් මාට්ටු වෙයි

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පදිංචි මාදිවෙල මන්ත්‍රි නිල නිවෙසේ තිබී අත්අඩංගුවට ගත් ආන්දෝලනාත්මක හඬපට අතර තිබූ තවත් දෘඪාංග තැටියක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඊයේ (13දා) රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය.


මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි නිල නිවෙසේ තිබියදී පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබෙන තවත් දෘඪාංග තැටියක් සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි විමර්ශන කටයුතු සඳහා එකී දෘඪාංග තැටියේ  අමතර පිටපතක් හා වාර්තාවක් ලබාගත යුතුව ඇති බැවින් එකී තැටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (13දා) මෝසමක් මඟින් කළ ඉල්ලීමකට අනුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මුද්‍රා තබා ගෙනෙන ලද එකී දෘඪාංග තැටිය ඊයේ පස්වරුවේ අධිකරණ භාරයට පත් කළේය.

බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හා ඩී.වී.ඩී. තැටි 162ක්, දෘඪාංග තැටි (ඩ්චපඤ ච්ඪඵඬ) 9ක්ද, පරිගණකයක්, ජීව පතරොම් 127ක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන්ද වාර්තාවක්ද ලබාගැනීමට රස පරීක්ෂකවරයාට නියෝගයක් ලබාදෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය ඉකුත් 9දා කළ ඉල්ලීමකටද අධිකරණයෙන් අවසර ලැබී තිබිණි.

ඉකුත් 4 දා බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන තිබූ සෝදිසි වරෙන්තුවක් මත මන්ත්‍රිවරයාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාසය පරීක්ෂා කිරීමේදී ඉහත කී භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබිණි.

එසේ පරීක්ෂා කිරීමේදී හමුවූ බලපත්‍ර කාලය ඉකුත් වූ ගිනි අවියක් හා ජීව පතරොම් 127ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය මඟින් සැකකාර රාමනායක මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

කුමුදු උපුල් ශාන්ත
gossip lanka