gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ගෝටාභය ජනපති, මං අගමැති’ කියමින් සජිත් රට වටා

පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණයේ ස්වාධිනත්වය අද රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ රෙද්ද පල්ලෙන් බේරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.


ඔහු පෙන්වා දෙන්නේ රන්ජන් රාමනායක හිටපු නියෝජ්‍ය ඇමතිවරයා සතුව තිබු හඩපට වලින් පසුගිය ආණ්ඩුවේ සැබෑ නිරුවත හෙළි වන බවයි.

උඩුගම්පල ශ්‍රී ලංකා පොදු ජන කාර්යාලයේ දි පැවති රැස්වීමක දි රණතුංග මහතා මේ බව සදහන් කළේය. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබද ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම කැදවා තිබිණ.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

‘පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පත් වුයේ මේ රටේ ජනතාවට බොරු කප්පරක් කියලයි. ඔවුන් කිව්ව ලොකුම බොරුව තමයි රටට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස දෙනවා කියන එක. මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කරනවයි කියලි මේ අය දහ අතේ පොරොන්දු වුණා. හැබැයි අද රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ලග තිබුණු හඩපට ඇහුණාම තේරෙනවා ආණ්ඩුව කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගන්න  මේ අය අධීකරණයේ  ස්වාධිනත්වය අමු අමවේ උල්ලංඝණය කරලා.

දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළි ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ජන්ම ගතියයි. ඔවුන් බලයට පත් වු හැමවිටම සිය දේශපාලන ප්‍රතිවාදීන්ට අඩන්තේට්ටම් කරනවා. පසුගිය ආණ්ඩුව සමයේ මේ දේ කරලා තියෙන්නේ නීතියත් අවභාවිතයන් කරමින්. මේ වගේ සිද්ධීන් වලට එරෙහිව දැඩි පියවර ගත යුතුයි.  අපි පසුගිය ආණ්ඩුව වගේ එදාවේල ටුවර්ස් අණ්ඩුවක් නෙමෙයි. අපි වැඩ කරන්නේ සැලැස්මකට.

ඊලග මහා මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයට යන එන මං නැතිව යනවා. සජිත් ප්‍රේමදාස මහතා දැන් නැවත විහිලු කතා කියන්න පටන් අරන්. සජිත් හිතවාදීන් කියනවා ගෝඨා ජනපති – සජිත් අගමැති කියලා. මේ රටේ ජනතාව ඕවට රැවටෙන්නේ නෑ. ජනාධිපතිවරයා සමග වැඩකළ හැකි අගමැතිවරයෙක් තමයි පත්කරගන්න ඕනෑ. නැත්නම් ආපහු මේ රට දෙපැත්තට අදියි. ඒ නිසා අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව මේ රටේ ජනතාව ඊලග මැතිවරණයේ දි අගමැති පුටුවේ වාඩි කරවන එක ඒකාන්තයි. එතකොට මේ රටේ නැවත මහින්ද ගෝඨාභය සුසංයෝගය බිහිවෙනවා. ඒක තමයි යහපාලනය විනාශ කරපු මේ රට ගොඩ ගත හැකි එකම සුසංයෝගය. ඒක මේ රටේ ජනතාව දන්නවා. ඒ සුසංයෝගය තමයි වසර 30ක් පැවති යුද්ධයෙන් මේ රට බේරා ගන්තේ. ඔවුන් දෙදෙනා එකතු වෙලා  මේ රට නැවත  ගොඩනගනවා. ඒක ස්ථිරයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහි දි කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka